මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.
මෙම නිලධාරියා, හැකර්වරුන් විසින් සිදුකළ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩ තහනමට ලක්ව සිටි අයෙකි. එම සිද්ධිය රට පුරා විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, සයිබර් ආරක්ෂාව සහ රාජ්‍ය ආයතනවල මූල්‍ය ආරක්ෂණ පද්ධති පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් මතු විය.
පොලිසිය සඳහන් කළේ, නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.










