දේශීය

කිමිදුම් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

කිමිදුම් කටයුතුවල නියැලෙන ධීවරයින්ගේ ජීවිත ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර, දිගු කලක් තිස්සේ කිමිදුම්කරුවන්ගේ සංගම් සහ ධීවරයින් විසින් ඉල්ලා සිටි ආරක්ෂණ පහසුකමක් ලෙස මෙය දැන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

යෝජනා ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ ලෙස

* ⚓ කිමිදුම් කටයුතු අතරතුර මරණයක් සිදුවුවහොත් ප්‍රතිලාභීන්ට රු.මිලියන 1.2 ක වන්දියක්

* මුහුදේ හෝ අභ්‍යන්තර ජල මූලාශ්‍රවල සිදුවන අනතුරු හේතුවෙන් ඇතිවන තාවකාලික ආබාධ සඳහාද ආවරණ

* රක්ෂණ ආවරණ විකල්ප
▪️ රු. 1,200,000
▪️ රු. 1,500,000

* වාර්ෂික වාරිකය: රු. 1,920 පමණයි

රජයේ “සමෘද්ධිමත් රටක් – සුන්දර ජීවිතයක්” ප්‍රතිපත්ති දැක්මට අනුකූලව දියත් කළ මෙම වැඩසටහන, අවදානම් වෘත්තියක නියැලෙන කිමිදුම් ධීවරයින්ට ආරක්ෂාව සහ විශ්වාසය එක්කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Shares: