මැද පෙරදිග උණුසුම අතර සමුද්‍රීය ආරක්ෂාවට නව අවදානමක්
මැද පෙරදිග කලාපයේ පවතින ආරක්ෂක උණුසුම තවදුරටත් උත්සන්න කරමින්, Oman හි මුසැන්ඩම් (Musandam) වෙරළාසන්නයේ තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘Skylight’ නමැති තෙල් ප්‍රවාහන නෞකාව මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, එය Palau රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබෙනවා.
ඕමාන් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, මෙම සිද්ධිය සිදුව ඇත්තේ මුසැන්ඩම් වෙරළ තීරයෙන් නාවික සැතපුම් පහක් පමණ දුරින් බවයි.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනාම ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, ඉන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වනවා.
මේ අතර, Port of Duqm ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවත්, ඉන් එක් විදේශීය සේවකයෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා අනාවරණය කරයි.
මෙම සිද්ධීන් පිළිබඳව Al Jazeera වෙබ් අඩවිය ද තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා.
මැද පෙරදිග කලාපය හරහා ගමන් කරන තෙල් නෞකා ජාත්‍යන්තර බලශක්ති සැපයුම් පද්ධතියට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙවැනි ප්‍රහාර සිදුවීම, ගෝලීය තෙල් මිල සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ අලුත් අවදානම් මතු කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් වැඩිදුර නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා











