උණුසුම් පුවත්

හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට..

 

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත්, බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී මෙසේ මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළා.

Shares: