ශ්‍රී ලංකන් එයා ලයින්ස් නවතා තිබූ මැද පෙරදිග ගමන් සීමිතව අද (04) සිට නැවත ආරම්භ කරන බව පවසා තිබෙනවා.
ඒ අනුව, කොළඹ–ඩුබායි ගමන් කරන UL231 සහ ඩුබායි–කොළඹ ගමන් කරන UL232 යන ගුවන් යානා අද (04) දින ක්‍රියාත්මක වන අතර, සියලු ආරක්ෂක ප්‍රවේශයන් සහිතව සේවාවන් සැපයීමට කටයුතු කර ඇති බවත් එය සඳහන් කරයි.











