උණුසුම් පුවත්දේශීය

ඉරාන් නාවික යාත්‍රාවක් ගාල්ල මුහුදු කලාපයේ අනතුරට ලක්වෙයි

ගාල්ල වරාය ඉදිරිපිටින් කි.මී.40ක් පමණ දුරකින් ඉරාන් නාවික හමුදාවට අයත් “IRIS Dena” නමැති නාවික යාත්‍රාවක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා. එහි කාර්ය මණ්ඩල මුදා ගැනීමේ මෙහෙයුමක් දැනට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා එක්ව ක්‍රියාත්මක වනවා.

නිලධාරීන් සඳහන් කරන්නේ, සිදුවීම සිදු වූ මුහුදු කලාපය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති සමුද්‍රීය වෙළෙඳ කලාපයකි. නාවික හමුදාව කාර්ය මණ්ඩල මුදා ගැනීමට යාත්‍රාවක් යොමු කර ඇති අතර, ගුවන් හමුදාව නිරීක්ෂණ කටයුතු සඳහා බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොමු කර තිබෙනවා.

එහිදී නාවික යාත්‍රාවේ 180ක් පමණ පුද්ගලයන් සිටි බව වාර්තා වනවා. නෞකාවේ සිටි 32 දෙනෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

Shares: