ලෝක රන් වෙළඳපොළේ පහළ යාමේ ප්‍රවණතාවයට අනුගතව, ශ්‍රී ලංකාවේ රන් මිල අද (04) දින රු. 13,000කින් පහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
Sea Street රන් වෙළඳපොළේ 22 කැරට් රන් පවුමක මිල අද රු. 376,500ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය ඊයේ (03) දින පැවති රු. 388,500 සමඟ සසඳන විට සැලකිය යුතු අඩුවකි.
එසේම 24 කැරට් රන් පවුමක මිල ඊයේ රු. 420,000ක් ලෙස වාර්තා වූ අතර, අද එය රු. 407,000ක් දක්වා පහළ බැස තිබෙනවා.
වෙළඳුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම් අනුව ඉදිරියටත් රන් මිල සංශෝධනය විය හැකි බවයි.











