මතුගම ප්රදේශයේ මතුගමකන්ද නම් ප්රදේශයක පිහිටි නිවසකට ඊයේ (04) රාත්රී වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
පොලිස් තොරතුරු අනුව, රාත්රී 11.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති අතර, එම සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් හෝ හානියක් සිදු වී නොමැති බව ද වාර්තා වනවා.
මෙම වෙඩි ප්රහාරය සිදු කළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.











