උණුසුම් පුවත්

හුංගම නිවසක පුද්ගල ඝාතන දෙකක්

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා.

තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවළ තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සඳහන්.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතයි.

හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Shares: