ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අසමසම පුරෝගාමියෙකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 54 වන ගුණ සැමරුම ඊයේ පස්වරුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ගෞරවයෙන් පැවැත්වුණි.
මෙම ගුණ සැමරුම් උත්සවය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනායක හිමි හිමිපාණන් වහන්සේගේ මූලාසනයෙන් යුක්තව පැවැත්වීම විශේෂත්වයක් විය.
මෙම උත්සවය පිලිප් ගුණවර්ධන පදනම් භාරය විසින් සංවිධානය කර තිබූ අතර, එහි අධ්‍යක්ෂ යදාමිණි ගුණවර්ධන මහතා විසින් ආරම්භක දේශනය සිදු කරමින් පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන උරුමය සහ සමාජයට කළ සේවය විශේෂයෙන් සිහිපත් කර තිබුණා.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත G S පලිහක්කාර මහතා විසින් උත්සවයේ ප්‍රධාන සමරු දේශනය සිදු කරමින්, පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන දැක්ම සහ ජාත්‍යන්තර මට්ටමේ බලපෑම පිළිබඳව අවධාරණය කර තිබෙනවා.
කොළඹ නගර සභාවේ හිටපු කුලපති ප්‍රසන්න ගුණවර්ධන මහතා විසින් පිලිප් ගුණවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ ගෞරවණීය අවස්ථාව සනිටුහන් කලා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන,
හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන,
හිටපු කථානායකවරුන් වන කරූ ජයසූරිය සහ චමල් රාජපක්ෂ
ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී තිබුණා.
පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන දර්ශනය, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කළ අරගලය සහ සමාජීය සාධාරණත්වය සඳහා ඔහු දැක්වූ කැපවීම, අද දිනත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය ව්‍යුහයට බලපාන ශක්තිමත් උරුමයක් ලෙස පවතනවා.











