ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පෙට්‍රල් භාවිතා කරන වාහන හිමියන්ට අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු සිට 2026 අප්‍රේල් 18 දක්වා QR කෝඩ් මත පදනම් වූ ඉන්ධන කෝටා පද්ධතිය නොමැතිව ඉන්ධන ලබාගැනීමට අවසර ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, වාහන අංක පුවරුවේ අවසන් අංකය අනුව ඉන්ධන බෙදාහැරීම සිදු කරන “ ඔත්තේ ඉරට්ටේ” ක්‍රමය සියලුම වාහන සඳහා තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වනවා.
මෙම තීරණය, ජනතාවට පහසුකම් සැලසීම සහ ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා ගෙන ඇති පියවරක් ලෙස සැලකෙනවා.
තවත් මේ වගේ තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.. 👍











