දේශීය

පිටකොටුව නව බස් නැවතුම්පොළ සිද්ධියට දැඩි පියවර — පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

පිටකොටුව නව බස් නැවතුම්පොළේ වැසිකිලි පද්ධතියට සිදු කළ හානි සම්බන්ධයෙන්, පොහොට්ටු පක්ෂයට අයත් ගුණසිංහපුර සංවිධායකවරයෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ මහා ලේකම් සාගල කාරියවසම් මහතා සඳහන් කරන්නේ, අදාළ පුද්ගලයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කරන බවයි. දේශපාලනය පක්ෂ ගැටලු කෙසේ වෙතත් ජනතාවගේ බදු මුදල් වලින් ඉදිකරන ජනතාවට අයත් පොදු පහසුකම් විනාශ කිරීම පිළිබඳව කිසිදු ඉවසීමක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

පොදු දේපළ ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සමාජයේ අවධානය අනිවාර්යෙන්ම යොමු විය යුතු කරුණක්.

Shares: