ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව අවධානයක් යොමුවෙමින් පවතින ඉහළ විකෘතිතා සහිත BA.3.2 ලෙස හඳුන්වන කොවිඩ්-19 නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වනවිට නිරීක්ෂණය කරමින් තිබෙනවා. “සිකාඩා” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ප්‍රභේදය මේ වනවිට රටවල් 23කට වැඩි ප්‍රමාණයකින් හඳුනාගෙන ඇති අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, හොංකොං සහ මොසැම්බික් වැනි රටවලින්ද වාර්තා වී තිබෙනවා.
මෙම නාමය ලබා දී ඇත්තේ, දිගු කාලයක් පුරා අක්‍රියව පවතිමින් හදිසියේ ප්‍රචාරය වීමේ ලක්ෂණයක් ඇති නිසාය. පළමුවරට 2024 නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් මෙම ප්‍රභේදය, 2025 සැප්තැම්බර් සිට වැඩි වශයෙන් වාර්තා වීමට ආරම්භ වී තිබෙනවා.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, වැඩිහිටියන්ට සාපේක්ෂව ළමයින්ට මෙම ප්‍රභේදය ආසාදනය වීමේ සම්භාවිතාව වැඩි විය හැකි බවයි.
මෙයට හේතුව ලෙස, ළමයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් පරිණත නොවීම සහ නව වෛරස් හඳුනා ගැනීමේ හැකියාව අඩු වීමයි.
කෙසේවෙතත්, මෙම දත්ත තවමත් සම්පූර්ණ විද්වත් තහවුරු කිරීමකට ලක්ව නොමැති අතර, වැඩිදුර පර්යේෂණ සිදු කරමින් පවතිනවා.
මෙම ප්‍රභේදය අනෙක් කොවිඩ් ප්‍රභේදවලට වඩා භයානක බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති අතර
සාමාන්‍ය කොවිඩ් ලක්ෂණ වන —
* උණ
* කැස්ස
* උගුරේ අමාරුව
* හිසරදය
* ඇඟපත වේදනාව
* හුස්ම ගැනීමේ අපහසුතාව
වැනි ලක්ෂණ මෙහිදී ද පෙනී යා හැක.
WHO සඳහන් කරන්නේ, රෝහල්ගත කිරීම් හෝ මරණ සංඛ්‍යාව වැඩිවීමක් පිළිබඳ තොරතුරු මේ වනවිට නොමැති බවයි.
සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, අවශ්‍ය නම් එන්නත් ලබාගන්න, අවදානම් කණ්ඩායම් (65+ වයස, ප්‍රතිශක්ති ඌනතා, නිදන්ගත රෝගීන්) විශේෂයෙන් සැලකිලිමත් වන්න, ළමයින්ට අසාමාන්‍ය ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න
විශේෂඥයින් පවසන්නේ, බොහෝ නිරෝගී ළමයින්ට මෙම ආසාදනය සාමාන්‍යයෙන් සුව විය හැකි බවයි. එහෙත්, අවධානයෙන් සිටීම සහ දැනුවත් වීම වැදගත්.











