කාළගුණය

අද සවස් වරුවේ දිවයින පුරා වැසි

අද (අප්‍රේල් 13) දින, දහවල් 1.00ට පසු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

උදෑසන කාලයේ
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යි.

මි.මී. 75 ඉක්මවූ තරමක තද වර්ෂාපතනයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක අපේක්ෂා කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම පවතින අවස්ථා ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අතර තාවකාලික තද සුළං අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

අප්‍රේල් 5 සිට 15 දක්වා කාලයේදී සූර්යයා ශ්‍රී ලංකාවේ අක්ෂාංශ මත සෘජුව ගමන් කරමින් අද (13) දින පෙ.ව. 12:11ට පේසලේ, මාන්කුලම් සහ නෙදුන්කේණි ප්‍රදේශවලට සූර්යයා සෘජුව ඉහළින් පවතිනු ඇත.

 

Shares: