උණුසුම් පුවත්දේශීය

ඉන්දියාවම කම්පා කළ “කතුන් ගැබ් ගැන්වීමේ” අමුතුම සයිබර් වංචාව රැවටුණු පිරිමි සිය ගණනක්…

ෆේස්බුක් හි “All India Pregnant Job Service” නමින් පෙනී සිටි වංචාකාරී වීඩියෝවක් නිසා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිරිමි පුද්ගලයින් සිය ගණනක් දැඩි ලෙස රැවටීමට ලක් ව තිබෙනවා.

මෙය සාමාන්‍ය රැකියා වංචාවක් නොව, “කාන්තාවන් ගැබ් ගැන්වීම සඳහා ඉහළ වැටුප්”, “හෝටල් වල රහසිගත හමුවීම්”,“බැංකු ගිණුමට ලක්ෂ ගණනක් බැර කර ඇති බව පෙන්වීම”,“බදු ගෙවන්න කියමින් තව තවත් මුදල් ඉල්ලීම”

මගින් විශ්වාසය දිනා ගනිමින් සිදු කරන ලද අමුතුම වංචාවක් බවයි හෙළිවී තිබෙන්නේ.

මෙම වංචාවට හසු වූ 33 හැවිරිදි ඉන්දීය සාමාන්‍ය කම්කරුවෙක් ඔහුගේ අත්දැකීම විස්තර කර තිබුණේ මේ අයුරිනුයි. ඔහුගේ මාසික ආදායම රු. 15,000ක් පමණ වන බවයි ඔහු සදහන් කර තිබුණේ.

ඔහු පවසන පරිදි, ෆේස්බුක් වීඩියෝවක් නැරඹීමේදී ලින්ක් ක්ලික් කිරීමෙන් රැකියාවට ලියාපදිංචි වී ඇති අතර ඒ සමගම ඔහුට ඒ බවට තහවුරු කරමින් ඇමතුමක් ලැබී තිබෙනවා. “රු. 799ක් ගෙවන්න කියලා මුලින්ම මුදල් ගත්තා. ඔබට රු. 5,12,400ක් බැර කරලා” කියලා fake රිසිට්පතක් එව්වා. බදු ලෙස රු. 12,600ක් ගෙවන්න කියලා තවත් මුදල් ඉල්ලුවා” යනුවෙන් ඔහු ඒ පිළිබඳව සදහන් කර තිබෙනවා.

“මම දුප්පත් කම්කරුවෙක්… මට බය වුණා මාව අත්අඩංගුවට ගනී කියලා…” ඔහු පවසා තිබෙනවා.

වංචාව ක්‍රියාත්මක වූ ආකාරය

සයිබර් පොලිසිය පවසන පරිදි:

* වංචාකරුවන් WhatsApp, Facebook, Phone calls භාවිතා කර තිබෙනවා.
* “Army officer” වැනි ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කර තිබෙනවා.
* ආකර්ෂණීය පින්තූර සහ fake profiles යොදා ගෙන තිබෙනවා.
* විශ්වාසය ගොඩනගාගත් පසුව මුදල් ඉල්ලීම සිදු කර තිබෙනවා.
* “බදු, අත්අඩංගුව” වැනි තර්ජන හරහා බය කරමින් මුදල් ලබා ගත් බවටද වාර්තා වනවා.

පොලිස් විමර්ශනය

* සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර
* ජංගම දුරකථන 9ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
* තවත් 18 දෙනෙක් පිළිබඳව සොයමින් පවතිනවා.
* වංචාවට ගොදුරු වූවන් සිය ගණනක් බවටයි සැක පළකරන්නේ.

ලැජ්ජාව නිසා සත්‍යය හෙළි නොවීම බොහෝ වින්දිතයන් ලැජ්ජාව සහ බිය නිසා පැමිණිලි නොකරන බවද පොලිසිය කියා තිබෙනවා.

Shares: