සමගි ජන බලවේගය (SJB) විසින් එක්සත් ජාතික පක්ෂයට (UNP) විශේෂ ආරාධනයක් කර තිබෙනවා. SJB මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, UNP මහලේකම් තලතා අතුකෝරල මහත්මියට ලිපියක් යොමු කරමින්, මෙවර මැයි දින රැලියට එක්වන්න කියලා ආරාධනා කරලා තියෙනවා.
කොළඹ, මාලිගාවත්තේ P.D. සිරිසේන ක්‍රීඩාංගණයේ මැයි 1 දහවල් 2.00ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා!
“රට මුහුණ දෙන අභියෝග හමුවේ දැන් එකට වැඩ කරන්න කාලයයි” යනුවෙන් මද්දුම බණ්ඩාර මහතා තම ලිපියෙන් අවධාරණය කර තියබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව UNP යට මේ ආරාධනය ලබාදී තිබෙනවා!
එහෙනම්…
SJB 🤝 UNP එකතු වෙයිද?
නව දේශපාලන සන්ධානයක් බිහි වෙයිද?
ඔබගේ අදහසත් කියන් යන්න.











