ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා ලෙස මෙසී වාර්තාවක් තබයි

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා ලෙස වාර්තා තැබූ ලියොනල් මෙසී

ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී (Lionel Messi) සමත්ව තිබේ.

ඇමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ඊයේ (22) පැවති ‘J’ කාණ්ඩයේ ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර තරගයේදී මෙසී මෙම ඓතිහාසික කඩඉම පසුකර ගියේය.

මෙවර තරගාවලියේ ආර්ජන්ටිනාව සහභාගී වූ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් (Hat-trick) ගෝල ප්‍රමාණයක් වාර්තා කරමින් මෙසී, ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් (Miroslav Klose) තබා තිබූ ලෝක කුසලාන ගෝල 16 වාර්තාව සම කිරීමට සමත් විය.

අනතුරුව ඔස්ට්‍රියාවට එරෙහි තරගයේ 38 වැනි මිනිත්තුවේදී මෙසී වාර්තා කළ සුපිරි ගෝලයත් සමඟින්, ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ තමා රැස්කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට ලියොනල් මෙසී නිල වශයෙන් පත් විය.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

✖️ Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

 

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *