උණුසුම් පුවත්දේශීය

සිඩ්නි ගිය UL-606 ශ්‍රීලංකන් යානයට අකුණු සැර වදියි; මගීන් 217ක් ආරක්ෂිතයි

සිඩ්නි බලා ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ Airbus A330 ගුවන් යානයකට අකුණු සැර වැදීමේ පුවත

අද (12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිඩ්නි බලා පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL-606 ගුවන් යානයකට ගුවන් ගමන අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් යානය ආරක්ෂිතව ආපසු කටුනායකට ගොඩබැස්වීමට සිදුව තිබෙනවා.

අලුයම 1.00ට පමණ සිඩ්නි බලා පිටත් වූ මෙම පුළුල් බඳ සහිත Airbus A330 ගුවන් යානයේ මගීන් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සහ දැඩි අකුණු හේතුවෙන් ගුවන් ගමන අතරතුර යානයට අකුණු සැර වැදී ඇති බව වාර්තා වනවා.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් නියමුවා පූර්වාරක්ෂාවක් ලෙස ගමන නතර කිරීමට තීරණය කර ඇති අතර, අලුයම 1.40ට පමණ යානය ආරක්ෂිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ගේ ගමනට බාධාවක් නොවන පරිදි එම වර්ගයේම තවත් Airbus A330 ගුවන් යානයක් සූදානම් කර ඇති අතර, එම ආදේශක යානය අද උදෑසන 6.06ට පමණ සිඩ්නි බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, අකුණු සැර වැදීමෙන් බලපෑමට ලක් වූ ගුවන් යානය සම්පූර්ණ තාක්ෂණික පරීක්ෂාවක් සහ අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නඩත්තු අංශය වෙත භාර දී තිබෙනවා.

වාර්තා අනුව මෙම සිද්ධියෙන් කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති අතර, සියලු දෙනා ආරක්ෂිතව සිටින බව සඳහන් වනවා.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *