Global Platform For All Sri Lankans

ගිනි­ගෙන විනාශ වූ නිවෙස තුළ මාස හත­රක බිලි­ඳකු නිරු­ප­ද්‍රි­තව හමුවේ

kilinochchi-incident

 කිළි­නො­ච්චියේ පුන්න­යි­නී­රාවි ප්‍රදේ­ශයේ නිව­සක් සම්පූ­ර්ණ­යෙන්ම ගිනි­ගෙන විනාශ වී ගියත් නිවසේ තොටි­ල්ලක සිටි කුඩා බිලි­ඳකු කිසිදු උප­ද්‍ර­ව­ය­කින් තොරව බේරී සිටි­යදී ගම්වා­සීන් ඔහුව පෙරේදා (01) සොයා ගෙන තිබේ.

මාස හත­රක කුඩා දරුවා තොටි­ල්ලක දමා මව පානීය ජලය රැගෙන ඒමට ගිය අව­ස්ථා­වේදී එම නිව­සට ගිනි ඇවිළී තිබේ. ධීවර රැකි­යා­වෙන් ජීවත් වන නිවසේ අයි­ති­කරු රැකි­යා­වට ගොස් සිටි අතර නිවසේ සෙසු දරු­වන් දෙදෙ­නාද පාසල් ගොස් සිටි­යදී නිවස ගිනි ගෙන තිබේ. පැල්පත් නිව­සක් වූ මෙම නිවස විනාඩි දහ­යක් පහ­ළො­වක් ඇතු­ළ­තදී සම්පූ­ර්ණ­යෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ.

මව පැමිණ විලාප තබ­මින් දරුවා තොටි­ල්ලක සිටින බව කී නිසා ගම්මුන් නිවස තුළට ගොස් බලන විට කිසිදු උප­ද්‍ර­ව­ය­කින් තොරව දරුවා තොටි­ල්ලේම සුවසේ නිදා සිටි­යදී ගම්වා­සීන් බිලි­ඳාව එළි­යට ගෙන තිබේ. මෙම නිවස ගිනි ගැනී­මට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත. නිවස ගිනි ගැනී­මෙන් නිවස තුළ තිබූ රුපි­යල් 50,000 ක මුද­ලක්ද දැල් ඇතුළු ධීවර උප­ක­රණ රැසක්ද විනාශ වී තිබේ. කණ්ඩා­වලේ පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

(රසුල දිල්හාර ගමගේ)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads