බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්.සේනානායක හන්දිය දක්වා මාර්ගයේ කොළඹට ඇතුළු වීමේ මංතීරුවල අළුත්වැඩියා කටයුතු සඳහා අද (01) දින රාත්‍රී 07.00 සිට එම මංතීරුවල රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් සීමා කරනු ලබනවා.
එම මංතීරු ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම හේතුවෙන් මෙම ක්‍රියාමර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී ඇත්තේ.











