උණුසුම් පුවත්

දින 23කට පසු , ‘උඩරට මැණිකේ’ යළි ගමනේ…

 

පස් කඳු කඩා වැටීම්, නායයෑම් සහ ගංවතුර හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව එම මාර්ගයේ ධාවනය වන පළමු නිල මගී දුම්රිය අද (20) අඹේවෙල බලා පිටත්ව ගියා.

ඒ, දින 23 කට පසුවයි.

අලුත්වැඩියා කරන ලද දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා සුදුසු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තහවුරු කිරීමෙන් පසුව මෙම දුම්රිය සේවා ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම දුම්රියට අමතරව අද පස්වරු 3 ට තවත් දුම්රියක් බදුල්ලේ සිට අඹේවෙල දුම්රිය ස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

 

Shares: