රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය අද (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කෙරෙනු ඇති.
රෝහල් අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සහ රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඇති කරගත් එකඟතාවලට අනුව මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට එකඟ වුවද එම එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවටයි ඔවුන් චෝදනා එල්ල කරන්නෙ.











