දිවයිනේ පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
2026 වර්ෂයට අදාළ මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
අද පෙරවරු 10.00 ට ආරම්භ වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය පස්වරු 6.10 දක්වා පැවැත්වුණු අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමෙන් අනතුරුව, කිසිදු ඡන්ද විමසීමකින් තොරව එය සභාවේ අනුමතිය සඳහා යොමු කෙරුණා.










