දේශීය

විදේශිකයින්ට නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තුව වැඩිකිරීමට අවධානය

ගුවන් තොටුපලේ දී විදේශිකයින්ට නිකුත් කෙරෙන රියදුරු බලපත්‍ර සඳහා අයකරන ගාස්තුව වැඩිකිරීමට අවධානය යොමුවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ මේ වනවිට එම ගාස්තුව රුපියල් 2000ක් වන බවයි.

මෙරටට පැමිණෙන විදේශීකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපලේ දී රියදුරු බලපත්‍ර ලබාදීමේ කවුළුවක් විවෘත කරනු ලැබුවා.

එමගින් රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී විදේශිකයින්ට ඩොලර්වලින් ගනුදෙනු කිරීමේ පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Shares: