උණුසුම් පුවත්

කොළඹ–පිලියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් – ලොරි රථයක් හා පාසල් වෑන් රථයක් ගැටෙයි.

කොළඹ–පිලියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් – ලොරි රථයක් හා පාසල් වෑන් රථයක් ගැටෙයි.

අද (04) උදෑසන රත්නපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ–පිලියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ලොරි රථයක් සහ පාසල් වෑන් රථයක් එකිනෙකට ගැටී ඇති අතර, අනතුරෙන් පසුව වාහන දෙකම මාර්ග අසල ලාම්පු කුළුණකට ගැටී තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් 120 මාර්ගයේ පිළියන්දල සිට කොළඹ දෙසට ගමන් කරන මාර්ග ධාවනය දැඩි ලෙස බාධා වී ඇති බව වාර්තා වනවා.

රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Shares: