ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වෙනවා.
මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම්.
“ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.











