උණුසුම් පුවත්

යටිනුවරට ‘රතු’ නායයෑම් අනතුරු ඇඟවීමක් – දිස්ත්‍රික් කිහිපයකට ඇම්බර් සහ යෙලෝ අවවාද

2026 පෙබරවාරි 21 වන දින සවස 7.00ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කළ නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රදේශයට ‘Level 3 – Red’ (ඉවත් වන්න) මට්ටමේ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා වලංගු වන අතර, වැසි තත්ත්වයන් හේතුවෙන් පස් කඳු ඉරිතැලීම්, භූමි සෙලවීම් සහ නායයෑම් අවදානම ඉහළ යා හැකි බව NBRO සඳහන් කරනවා.

🔴 Level 3 – Evacuate (Red Warning)

*මහනුවර දිස්ත්‍රික්කය:* යටිනුවර
👉 වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට උපදෙස් ලබා දී තිබෙනවා.

🟠 Level 2 – Be Alert (Amber Warning)

*බදුල්ල:* හල්දුම්මුල්ල
*මහනුවර:* දොළුව, ගඟ ඉහළ කොරළේ
*කෑගල්ල:* අරණායක, යටියන්තොට, මාවනැල්ල
*මාතලේ:* උකුවෙල
*නුවරඑළිය:* නිල්දණ්ඩාහින්න, වලපනේ
*රත්නපුර:* රත්නපුර, අයගම, කිරිඇල්ල

👉 අවධානයෙන් සිටිමින් භූමියේ වෙනස්කම් සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කිරීමට උපදෙස් දී තිබෙනවා.

🟡 Level 1 – Remain Vigilant (Yellow Warning)

*බදුල්ල:* මීගහකිවුල, කන්දකැටිය, හපුතලේ, පස්සර
*ගාල්ල:* නියාගම
*හම්බන්තොට:* වලස්මුල්ල
*මහනුවර:* උඩදුම්බර, පථදුම්බර, උඩුනුවර
*කෑගල්ල:* කෑගල්ල, දෙහිඔවිට, දෙරණියගල
*මාතලේ:* රත්තොට
*මොණරාගල:* බදල්කුඹුර
*නුවරඑළිය:* කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, මතුරට, හඟුරන්කෙත
*රත්නපුර:* කුරුවිට, කලවනා, ඇහැලියගොඩ, කොළොන්න

👉 නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් වර්ෂා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන්න.

⚠️ මහජනතාවට උපදෙස්

* පස් ඉරිතැලීම්, ගස් ඇද වැටීම්, හදිසි ජල ගැලීම් හෝ භූමිය සෙලවීමක් දැක්කේ නම් වහාම ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න.
* ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ අංශ උපදෙස් අනුගමනය කරන්න.
* අවශ්‍ය අවස්ථාවලදී හදිසි සහන කඳවුරු වෙත යාමට සූදානම් වන්න.

🌧️ පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් කඳුබැසීම් සහ නායයෑම් අවදානම ඉහළ යා හැකි බැවින්, සියලු දෙනාම අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

Shares: