උණුසුම් පුවත්

කුවේට් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් ආපසු ගෙන්වා ගැනේ..

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02යි විනාඩි 21කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන මෙම ගුවන් යානය අද (08) සවස 06.44ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබුණා.

Shares: