ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම පොලිස් කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව, අදාළ සැකකරුවන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබෙනවා.











