උණුසුම් පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය: වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීම් කළ තොරතුරු හෙළි වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ බ්‍රිතාන්‍යයේ කරන ලද සංචාරයක් මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්‍ර දෙකේම විශේෂ කතාබහට ලක්වී තිබෙනවා.

මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වී තිබූ අතර, එම උත්සවයේදී ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහභාගීව සිටියා.

නමුත්, මෙම සංචාරය නිල රාජ්‍ය සංචාරයක් ද, පෞද්ගලික සංචාරයක් ද යන්න තවමත් අධිකරණය යටතේ විභාගය වෙමින් පවතිනවා.

එම සංචාරය පිළිබඳව එක්සත් රාජධානිය Freedom of Information Request පනත යටතේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් විමසා ඇති කරුණු අනුව, විශ්වවිද්‍යාලය විසින් ලබාදුන් පිළිතුරු පහත දැක්වේ:

1. අන්තර්ගතයේ සත්‍යතාව: ලිපියේ අන්තර්ගතය සහ ඒවා නිල වශයෙන් නිකුත් කරන ලද බව විශ්වවිද්‍යාලය තහවුරු කළේය.
2. නිල ආරාධනාවේ තත්ත්වය: රනිල් වික්‍රමසිංහට යවන ලද ආරාධනාව ඔහුගේ ශ්‍රී ලංකාවේ නිල තත්ත්වය මතද?

මෙම විමසුම් සහ පිළිතුරු හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳ වර්තමාන නඩුකරය සහ නිල තත්ත්වය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙනවා.

Shares: