විදෙස්

හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි හමාස් සංවිධානයේ නායකත්වයට ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් දෝහා අගනුවර ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බවයි වාර්තාවල සඳහන් වෙන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සහ ෂින් බෙට් (Shin Bet) යන ඔත්තු සේවා ආයතන මෙම ප්‍රහාරය සිදු කළ බව තහවුරු කර ඇති අතර කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල කළ ස්ථානය පිළිබඳව ඔවුන් පැහැදිලි සඳහනක් කර නැහැ.

Shares: