දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්වී තිබෙනවා.
ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමටයි.
එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේ දීයි රැස්වූයේ.
සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.
අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා පැවසුවේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදු කළ කාර්යභාරය මෙහිදී අගය කළ අතර ඔහු කළ කාර්යභාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.
නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වා ගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සූදානමින් පසුවන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.











