ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා අද (22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ මෙරට විපතට පත් ජනතාව සඳහා ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන්.
ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ ‘සාගර බන්දු’ මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක්.
මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සඳහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයා වනවා.











