ගලේවෙල ප්රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දේවහූව, ගලේවෙල ප්රදේශයේ පදිංචි දරුවෙක්.
මියගිය දරුවා සිය පියා හා ඥාතීන් සමග එම ජලාශයේ දිය නෑමට ගොස් සිටියදීයි මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ.
පසුව ඥාතීන් හා ප්රදේශවාසීන් එක්ව දියේ ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.











