උණුසුම් පුවත්

මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතුත් අදින් ඇරඹෙයි

සිහින ගමනාන්තය දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරෙනවා.

තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩාත් සුවපහසු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණයි.

පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබද විශ්වාසනීයත්වය ගොඩනගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් එම ව්‍යාපෘතියේ ඉලක්කය වනවා.

මෙහිදී මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් සිදු නොවන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

Shares: