ලිවර්පූල් කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු කළමනාකරු මැට් බියර්ඩ් ( Matt Beard ) අභාවප්රාප්ත වී ඇති බව ක්රීඩා සමාජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මියයන විට ඔහුට වයස අවුරුදු 47ක්.
2013 සහ 2014 වසරවලදී ලිවර්පූල් කණ්ඩායම පිට පිටම කාන්තා සුපර් ලීග් ශූරතා දෙකක් (Women’s Super League titles) දිනා ගැනීමට ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා.
ඔහුගේ දක්ෂ කළමනාකරණය යටතේයි ලිවර්පූල් කණ්ඩායම පළමු වතාවට චැම්පියන්ස් ලීග් තරගාවලියට (Champions League campaign) ද සුදුසුකම් ලබා තිබෙන්නේ.
බියර්ඩ් 2021දී නැවතත් ලිවර්පූල් සමාජයට එක් වූ අතර, කණ්ඩායම නැවතත් කාන්තා සුපර් ලීගය වෙත රැගෙන ඒමට ඔහු සමත් වුණා. ඔහු මෙම වසරේ පෙබරවාරි මාසයේදී සමාජයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ලිවර්පූල් සමාජය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ “ඔහු අතිශය කැපවීමකින් හා සාර්ථකත්වයකින් කටයුතු කළ කළමනාකරුවෙක් වගේම, සැබෑ අවංකභාවයෙන් හා උණුසුම් හදවතකින් යුත් පුද්ගලයෙක්” බවයි.











