උණුසුම් පුවත්විදෙස්

උතුරු කොරියාවේ මීළඟ නායකයා කවුද? – කිම් ජොන් උන්ගේ දියණිය පිළිබඳ නව විවාදයක්

උතුරු කොරියානු නායක Kim Jong Un දකුණු කොරියාවට දැඩි තර්ජන නිකුත් කරමින් න්‍යෂ්ටික අවි වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරන බව පක්ෂ සම්මේලනයේදී අවධාරණය කළද, මේ අවස්ථාවේ ලෝකයේ අවධානය වැඩිපුරම දිනාගත්තේ වෙනත් කරුණක් පිළිබඳව යි. ඒ, ඔහුගේ 13 හැවිරිදි දියණිය Kim Ju Ae උතුරු කොරියාවේ මීළඟ නායකයා ලෙස ඉදිරියට ගෙන එන්නේද යන්න පිළිබඳවයි.

මිලියන 25කට ආසන්න ජනතාවක් වෙසෙන, කිම් පවුලේ සාමාජිකයන් විසින් පමණක් පාලනය කරනු ලබන උතුරු කොරියාවේ අනාගත නායකත්වය සම්බන්ධයෙන් මෙය දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. සෑම වසර පහකට වරක් පැවැත්වෙන මෙම පක්ෂ සම්මේලනය සාමාන්‍යයෙන් Seoul සහ Washington, D.C. වෙත නිකුත් වන දේශපාලන පණිවිඩ ලබාදීමට වැදගත් වේදිකාවක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් මෙවර එහි අවධානය යොමු වූයේ, National Intelligence Service විසින් දකුණු කොරියානු නීති සම්පාදකයින්ට ලබාදුන් තොරතුරු හේතුවෙනුයි. එම තොරතුරු අනුව, කිම් ජොන් උන් තම දියණිය අනාගත උරුමක්කාරියක් ලෙස සලකා බලන බවට ඔවුන් විශ්වාස කරන අතර, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ඇය දැනටමත් මත පළ කරන බවද වාර්තා වනවා.

එය සත්‍යයක් වුවහොත්, උතුරු කොරියාවේ බලය පරම්පරානුක්‍රමයෙන් හුවමාරු වන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් පවසා තිබෙනවා.

Shares: