දේශීය

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක අත්අඩංගුවට

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු.1,667,294.87ක පාඩුවක් සිදුකිරීම සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදුකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනායි.

සැකකරුව අද (16) පෙ.ව.11.00ට පමණයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ..

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: