තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (23) දහවල් 1ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහායි වලංගු වන්නේ.
ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනවා.
පහත සිතියමේ ‘Advisory’ කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.
එමෙන්ම ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොනදිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇතැයි ද අදාළ නිවේදනයේ සඳහන්.











