ඉන්දියාවේ දිල්ලි නගරයේ දී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී එරට අපරාධ කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම පොලිසිය සිදු කළ මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම පිරිස බිහාර් ප්‍රාන්තයෙහි ප්‍රසිද්ධ අපරාධ කල්ලියක් වන ”සිග්මා” නැමැති අපරාධ කල්ලියට අයත් පිරිසක්.
පොලිසිය පවසා ඇත්තේ, මෙම කල්ලියේ සාමාජිකයන් පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට උත්සාහ කළ විට ගැටුම ඇති වූ බවත්, ඔවුන් පැන යාමට උත්සාහ කිරීමේදී වෙඩි තැබූ බවයි.
මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 25, 33 සහ 21 යන වයස්වල පසුවන්නන්.
වසර ගණනාවක් පුරා, සිග්මා කල්ලිය බිහාර් පුරා කප්පම් ගැනීම් සහ කොන්ත්‍රාත් ඝාතනවලට සම්බන්ධ විශාල ජාලයක් ගොඩනඟා තිබුණා.
එහිදී මෙම පුද්ගලයින් සිව්දෙනා බිහාර්හි මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් ඇතුළු දරුණු අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි අය බවටයි තහවුරු වී ඇත්තේ.











