දේශීය

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට නිවේදනයක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බව ද එහි සඳහන්.

ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බවයි ද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Shares: