දේශීය

දෙසැම්බර්යේ සිට රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම දිවයිනටම

රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

“රාජ්‍ය සේවය ක්‍රමිකව ඩිජිටල්කරණය කරමින් පවතිනවා. එහි එක අංගයක් ලෙස තමයි රථවාහන ස්ථානීය දඩ, ස්ථානීයව ගෙවා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වුණේ. මේක ආරම්භයේදී බස්නාහිර පළාත, දකුණ පළාත, මේ වෙනකොට අධිවේගී මාර්ගය, සිව්වනුවට උතුර පළාත තෝරාගෙන තියෙනවා. මම හිතන්නේ මේක හරහා මහජනතාවගේ පාර්ශ්වයෙන් වගේම නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් පහසුකමක් සැලසෙනවා. අපිට අවශ්‍යයි ඩිජිටල් පරිවර්තනය ක්‍රමිකව රටට යොමුකරන්න. ඒක පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් නෙමයි සියලුම දෙපාර්තමේන්තු සහ සමස්ත රාජ්‍ය සේවයටම අපි මේ වන විට මේක හඳුන්වාදෙමින් තියෙනවා. අපි දෙසැම්බර් වනකොට රට පුරාම ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය Govpay හරහා කරන්න සැලසුම් කරලා තියෙනවා.”

යනුවෙනුයි.

Shares: