2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා.
එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතයි.
මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත්.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.
මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පැවසුවා.
එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කියා සිටියේ.










