දේශීය

ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනාට ආරක්ෂාව ලබා දෙනවා – පොලිස්පති

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා පැවසුවා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැත්වූයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මතයි.

මේ සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්වූවා.

එහිදී මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුවයි ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයා එකඟතාව පළ කර ඇත්තේ.

Shares: