දේශීය

සිරිකොතේ අලුත්වැඩියාවට සේවකයන් හා දේපොළ භාවිතා කළ ඉංජිනේරු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීම සම්බන්ධවයි එහි හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: