ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්‍රම යන අය අද (03) පෙරවරුවේයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධව ඉහත සුමතිපාල මහනාම අබේවික්‍රම යන අය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.











