විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු බව කියන කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පවසනවා.
මීටියාගොඩදී පසුගිය මැයි මාසයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි මේ වනවිට තොරතුරු හෙළිවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඊයේ පෙරවරු 10.30ට පමණ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ අම්බලන්ගොඩ, නගර සභාවවට අයත් ප්‍රධාන පුස්තකාලය අසළදීයි.
එම ඝාතනය සිදුකරන අයුරු අසළ වූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
එහි දැක්වුණේ ඝාතනය වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස රතුපැහැති මෝටර් රථයක් ලුහුබැඳයන අයුරුයි.
පසුව එම මෝටර් රථය අදාළ යතුරුපැදිය අනතුරට ලක්කර තිබූ අතර එම අවස්ථාවේදී යතුරුපැදිකරු ඇදවැටුණු පසු මෝටර් රථයෙන් බැස ගන්නා වෙඩික්කරු යතුරුපැදිකරු පන්න පන්නා වෙඩිතබා ඝාතනය කරන අකාරයයි සීසීටීවී කැමරාවක සටහන් වූයේ.
මේ අතර පොලීසිය සැකපලකරන්නේ මීටියාගොඩ මානම්පිය, තඹහිටිය ප්‍රදේශයේ අවහන්හලක් තුළ ඉකුත් මැයි මස 4 වැනිදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය අදාළ ඝාතනය මෙහෙයවා තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහුගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසි කියා සිටියා.
ඊට හේතුවී ඇත්තේ, මීටියාගොඩදී ඝාතනය වූ පුද්ගලයාගේ පියා වන මහදුම නලීන් නැමැත්තාගේ පුත්‍රයා වන ඉසුරු නැමැත්තා විසින් කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගේ විදෙස්ගතව සිටින පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී තිබීමයි.
එහිදී ඔහු ”උඹේ තාත්තා මැරුවෙ මම. මගේ තාත්තා මරපු හින්දා.” යනුවෙනුයි පවසා ඇත්තේ.
මේවනවිට ඉසුරු නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දකුණ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකයි.











