කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (28) සවස 1ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය ඇති විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ තැන්වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.
ඒ ගංගාව ආශ්‍රිත පහත බිම්වල වෙසෙන ජනතාවට මෙම තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඉන් ඉවත්ව ආරක්ෂිත ස්ථානයන් කරා හැකි ඉක්මනින් ළඟා වෙන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙනවා.











