ක්‍රීඩා

ලකුණු 3කින් බොඳ වී ගිය කොදෙව් බලාපොරොත්තු..

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (6) පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 207/5ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස බ.ඉ. කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204/8ක් පමණයි.

මෙහිදී කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාර 5ට ලකුණු 87ක් රැස්කිරීමට සමත් වුණා.

එය පූර්ණ සාමාජික රටවල් ද්විත්වයක් අතර පැවැත් වූ තරගයක ඉලක්කය හබා යෑමේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වුණා.

 

Shares: