හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම අවස්ථාවේදී ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි.











